AFC Banner
AFC Banner
Empty Ad

කුණ්ඩලකේශිලාට ශ්‍රී ලංකා පොලීසියෙන් ටොක්කක්

කොළඹ – අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ දී ඊයේ (19) පෙරවරුවේ සිදු වූ වෙඩි ප්‍රහාරය සහ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලද ප්‍රධාන සැකකරු (වෙඩික්කරු) පිළිබඳ ව සමාජ මාධ්‍ය ජාලාවල ඇතැම් පාර්ශ්ව විසින් පළ කර ඇති විවිධ පාක්ෂික කරුණු සහ සටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අවධානය යොමු ව ඇති බවට නිරීක්ෂණය වනවා.

පුත්තලම – පාලවිය ප්‍රදේශයේ දී විශේෂ කාර්‍යය බලකා නිලධාරීන්ගේ ග්‍රහණයට නතු වූ ගනේමුල්ල සංජීව නමැති අපරාධ කල්ලි නායකයා ඝාතනයේ වෙඩික්කරු යැයි සැලකෙන තරුණයාගේ පෙනුම සහ ඔහු පිළිබඳ ව ඇතැම් පාර්ශ්ව දක්වා තිබුණේ යහපත් ප්‍රතිචාරයි.

මෙම සමාජ මාධ්‍ය හි සංසරණය වන ඒ ආකාරයේ යහපත් ප්‍රතිචාර අපරාධකරුවෙකු සම්බන්ධයෙන් පළ වීම ගැන ශ්‍රී ලංකා පොලිසිය පවසා ඇත්තේ මෙවැන්නක්;

”අපරාධකරුවන් යනු අපරාධකරුවන්මය – පෙනුමෙන් හෝ ඇඳුමෙන් ඔවුන් සුදනන් වන්නේ නැත, සැලකිලිමත් ව සිටින්න – එවන් අපරාධකරුවන් වෙනුවෙන් හඬ නගන පුද්ගලයින් පිළිබඳ ව” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?