කුඩු සළිඳුගේ හොඳම ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

විදේශගත ව සිටිමින් මෙරට පාතාල කල්ලි සාමාජිකයන් මෙහෙයවමින්; මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් සිදු කරමින් ජාතික ආරක්ෂාවට මහජන සාමයට අවහිර වන ලෙස කටයුතු කළ බවට දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සළිදු මල්ෂික නොහොත් කුඩු සළිදු නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස සැලකෙන හපුන්ත්‍රිගේ දොන් පියුම් හස්තික නොහොත් “පියුමා ” ලබන සැප්තැම්බර් මස 04 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (21) නියෝග කළා.

ඒ සැකකාර පියුම් හසිතික බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම සැකකරුගේ ගිණුම් මගින් විශාල ලෙස මුදල් සංසරණය වී ඇති බැවින් පුළුල් විමර්ශනයක් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටි අතර බැංකු ගිණුම් පහක් පරීක්ෂා කිරීමට සිදු කළ ඉල්ලීමට අවසර ද අද හිමිවුණා.

හපුආරච්චිගේ දොන් සියුම් හස්තික නොහොත් පියුමා නමැති සැකකරුට එරෙහි ව ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබූ රතු නිවේදනය ප්‍රකාරව සැකකරු 2024.02.15 වන දින ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට උදර්පනය කිරීම සඳහා දැනුම්දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍ය වෙත යොමු කර සැකකරු ගුවන් මගින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත මෙරටට රැගෙන ඒමෙන් පසු අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ.

තම සේවාදායකයා කිසිදු ත්‍රස්තවාදීමය කටයුතු සඳහා චෝදනා යොමු වී නැති බවත් ඔහු රඳවා ප්‍රශ්න කරමින් සිටින්නේ ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ බවත් කියමින් සැකකරුට එරෙහිව ඇත්තේ මිනිමැරුම් චෝදනා වැනි චෝදනා බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ ඉවෝන් නිරාශා මහත්මිය අධිකරණයට දන්වා සිටියා.

එහිදී කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ සැකකරුට එරෙහි ව සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධ චෝදනා ඇති බවයි.

කුඩු සළිදු නොහාත් සළිදු මල්ෂික ඇතුළු පාතාල සාමාජකයන් සමග ඔහු අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට විමර්ශනවලින් අනාවරණ්ය කර ඇති බව කියා සිටි පොලිසිය සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියා.

දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට අදාළ ව ඉදිරි දින සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි දැනුම්දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?