කුඩු සළිඳුගේ හොඳම ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

විදේශගත ව සිටිමින් මෙරට පාතාල කල්ලි සාමාජිකයන් මෙහෙයවමින්; මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් සිදු කරමින් ජාතික ආරක්ෂාවට මහජන සාමයට අවහිර වන ලෙස කටයුතු කළ බවට දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සළිදු මල්ෂික නොහොත් කුඩු සළිදු නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස සැලකෙන හපුන්ත්‍රිගේ දොන් පියුම් හස්තික නොහොත් “පියුමා ” ලබන සැප්තැම්බර් මස 04 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (21) නියෝග කළා.

ඒ සැකකාර පියුම් හසිතික බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම සැකකරුගේ ගිණුම් මගින් විශාල ලෙස මුදල් සංසරණය වී ඇති බැවින් පුළුල් විමර්ශනයක් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටි අතර බැංකු ගිණුම් පහක් පරීක්ෂා කිරීමට සිදු කළ ඉල්ලීමට අවසර ද අද හිමිවුණා.

හපුආරච්චිගේ දොන් සියුම් හස්තික නොහොත් පියුමා නමැති සැකකරුට එරෙහි ව ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබූ රතු නිවේදනය ප්‍රකාරව සැකකරු 2024.02.15 වන දින ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට උදර්පනය කිරීම සඳහා දැනුම්දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍ය වෙත යොමු කර සැකකරු ගුවන් මගින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත මෙරටට රැගෙන ඒමෙන් පසු අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ.

තම සේවාදායකයා කිසිදු ත්‍රස්තවාදීමය කටයුතු සඳහා චෝදනා යොමු වී නැති බවත් ඔහු රඳවා ප්‍රශ්න කරමින් සිටින්නේ ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ බවත් කියමින් සැකකරුට එරෙහිව ඇත්තේ මිනිමැරුම් චෝදනා වැනි චෝදනා බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ ඉවෝන් නිරාශා මහත්මිය අධිකරණයට දන්වා සිටියා.

එහිදී කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ සැකකරුට එරෙහි ව සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධ චෝදනා ඇති බවයි.

කුඩු සළිදු නොහාත් සළිදු මල්ෂික ඇතුළු පාතාල සාමාජකයන් සමග ඔහු අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට විමර්ශනවලින් අනාවරණ්ය කර ඇති බව කියා සිටි පොලිසිය සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියා.

දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට අදාළ ව ඉදිරි දින සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි දැනුම්දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17