AFC Banner
Empty Ad
Empty Ad

කුඩු සලිඳුගේ ගෝල ලැයිස්තුවේ අයෙක් පානදුරේ දී මාට්ටු

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුර කුඩු සලිඳු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ ඩුබායි සිට මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයන් වන නිලංග සම්පත් හා සංඛ සම්පත් යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන ගෝලයෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර, නල්ළුරුව ප්‍රදේශයේ දී ඊයේ (08) මෙම 27 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 400ක් සහ 38 SPECIAL රිවෝල්වර් වර්ගයේ ජීව උණ්ඩ 20ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදී ඔහු කුලී පදනම පානදුර, නෙවිල් පෙරේරා මාවතේ ලබාගෙන තිබූ නිවසක් පරික්ෂා කිරීමේ දී එහි අල්මාරියක සඟවා තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරන රුපියල් 4,249,900ක මුදලක් ද සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයාගේ කුලී නිවසේ දී ඔහු සමඟ සම්බන්ධ වෙමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා මුදල් සැඟවීම් වලට අධාර අනුබල ලබාදුන් මොරවින්න, පානදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයකු ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ඒ, අනුව වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී මෙම සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුර කුඩු සලිඳු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන ප්‍රධාන ගෝලයන් වන ඩුබායි රාජ්‍යයේ රැදි සිටින නිලංග සම්පත් හා සංක සම්පත් යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන පුද්ගලයන් බවත්, මෙම පුද්ගලයින් කුඩු සලිඳු විසින් සිදුකරන ලද අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් බවට අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50
Video thumbnail
චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
00:54

?