හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිමඩ, අඹගස්දෝව පොලිසිය මඟින් බදුල්ල නගරයේ දී ඊයේ (26) මෙම සැකකාර කොස්තාපල්වරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
එහිදී සැකකාර පොලිස් කොස්තාපල්වරිය සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 200ක් සහ මුදල් රුපියල් 26,000ක් සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු පොලිස් කොස්තාපල්වරිය බදුල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ නිලධාරිනියක් බවයි පොලිසිය පැවසුවේ.
සැකකාරිය සමඟ තවත් සැකකාර කාන්තවන් හතර දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර පොලිස් කොස්තාපල්වරියක් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට පොලිසිය සැකපළ කරනවා.



