කුඩා බිළිඳා දුම්රිය වැසිකිළියේ දමා ගිය සිද්ධිය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

දුම්රිය වැසිකිළියක කුඩා බිළිඳා දමාගොස් ඇත්තේ එම බිළිඳාගේ පියා විසින් බවට පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

අද පොලිස් භාරයට ගත් බණ්ඩාරවෙල සහ කොස්ලන්ද ප්‍රදේශවල පදිංචි 25 හැවිරිදි මෙම තරුණිය සහ 26 හැවිරිදි තරුණයා අවිවාහක යුවළක් බවටයි හෙළිවී ඇත්තේ.

මෙම තරුණයා විසින් තරුණියගෙන් දරුවා ලබාගෙන කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය වැසිකිළියේ දමා ඔහු කොස්ලන්ද ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවටයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ.

ඊයේ (10) රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක දමා ගොස් සිටි මෙම බිළිඳා, මගියෙකු විසින් දැක දුම්රිය බලධාරීන් දැනුවත් කර තිබුණා.

අනතුරුව මෙම බිළිදාගේ මව්පියන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර ලැබුණු තොරතුරක් අනුවයි මොවුන් දෙදෙනා සොයාගෙන ඇත්තේ.

බණ්ඩාරවෙල නායබැද්ද හා කොස්ලන්ද යන ප්‍රදේශවලදී ඔවුන් හමුවී ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය සඳහන් කළා.

සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ සිට රැකියාවක නිරතවී ඇති අතර තරුණියට දරුවෙකු ලැබීමට සිටින බවට තොරතුරු හෙළිවීමෙන් පසු ඇය සමග කොළඹ ප්‍රදේශයේ නතර වී ඇති බවටයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

සැකකාර පියා කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු විසිපහක පුද්ගලයකු වන අතර එම ප්‍රදේශයේ දීම ඔහු මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පියා පෞද්ගලික සරසවියක හතරවන වසරේ සිසුවෙක් බවට ද පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කරගෙන තිබෙනවා.

ඔන්ලයින් ක්‍රමය ඔස්සේ රැකියාවක නිරත වන අයෙක් වන සැකකරු හෙට දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බිළිඳා දමා තිබූ කූඩය ද ඔහු ලබාගෙන ඇත්තේ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ බවටයි පාපොච්චාරණය කර ඇත්තේ.

දුම්රිය වැසිකිළියෙන් හමුවීමෙන් පසු බිළිඳා ඊයේ පස්වරුවේ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ අතර මේවන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කළ එම බිළිඳා පසුව සාමාන්‍ය වාට්ටුවකට යොමු කර තිබුණා.

බිළිඳාගේ සිරුර මද වශයෙන් කහ පැහැති ගතියක් පෙන්නුම් කර ඇති අතර මව් කිරි ලැබීම අඩුවීම හෝ රුධිර ඝණවල වෙනසක් හේතුවෙන් එම තත්ත්වය සිදුවන්නට ඇති බවටයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියාසිටියේ.

පොලිස් අත්අඩංගුවට ගත් යුවළ හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18
Video thumbnail
රන්වලට පුම්බන්න බැලුන් නෑලු - බැලුන් හිඟයි ලු
10:44
Video thumbnail
හරිණිගේ දියාරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ගුරුවරුත් මඥ්ඥන් වෙලා..අගක් මුලක් නෑ..තනිකර පිස්සුවක්
18:22
Video thumbnail
උපාධිධාරීන්ට සාධාරණයක් ඉල්ලා සජිත් පාරට බහී
05:15
Video thumbnail
මහ රෑ මතුගම රත්කළ ඝා#තනය
01:13
Video thumbnail
මාතලේට ගිය නාමල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්..
01:14
Video thumbnail
තලතා ලෙසටම ෆයර්වෙයි - විපක්ෂයට විකෘති මනසක් නෑ..රෑට රෑට පැලවත්තේ එකතුවෙලා.. කියුබාවට පනින්න යන්නේ?
12:05


?