කුඩා බිළිඳා දුම්රිය වැසිකිළියේ දමා ගිය සිද්ධිය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

දුම්රිය වැසිකිළියක කුඩා බිළිඳා දමාගොස් ඇත්තේ එම බිළිඳාගේ පියා විසින් බවට පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

අද පොලිස් භාරයට ගත් බණ්ඩාරවෙල සහ කොස්ලන්ද ප්‍රදේශවල පදිංචි 25 හැවිරිදි මෙම තරුණිය සහ 26 හැවිරිදි තරුණයා අවිවාහක යුවළක් බවටයි හෙළිවී ඇත්තේ.

මෙම තරුණයා විසින් තරුණියගෙන් දරුවා ලබාගෙන කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය වැසිකිළියේ දමා ඔහු කොස්ලන්ද ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවටයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ.

ඊයේ (10) රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක දමා ගොස් සිටි මෙම බිළිඳා, මගියෙකු විසින් දැක දුම්රිය බලධාරීන් දැනුවත් කර තිබුණා.

අනතුරුව මෙම බිළිදාගේ මව්පියන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර ලැබුණු තොරතුරක් අනුවයි මොවුන් දෙදෙනා සොයාගෙන ඇත්තේ.

බණ්ඩාරවෙල නායබැද්ද හා කොස්ලන්ද යන ප්‍රදේශවලදී ඔවුන් හමුවී ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය සඳහන් කළා.

සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ සිට රැකියාවක නිරතවී ඇති අතර තරුණියට දරුවෙකු ලැබීමට සිටින බවට තොරතුරු හෙළිවීමෙන් පසු ඇය සමග කොළඹ ප්‍රදේශයේ නතර වී ඇති බවටයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

සැකකාර පියා කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු විසිපහක පුද්ගලයකු වන අතර එම ප්‍රදේශයේ දීම ඔහු මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පියා පෞද්ගලික සරසවියක හතරවන වසරේ සිසුවෙක් බවට ද පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කරගෙන තිබෙනවා.

ඔන්ලයින් ක්‍රමය ඔස්සේ රැකියාවක නිරත වන අයෙක් වන සැකකරු හෙට දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බිළිඳා දමා තිබූ කූඩය ද ඔහු ලබාගෙන ඇත්තේ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ බවටයි පාපොච්චාරණය කර ඇත්තේ.

දුම්රිය වැසිකිළියෙන් හමුවීමෙන් පසු බිළිඳා ඊයේ පස්වරුවේ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ අතර මේවන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කළ එම බිළිඳා පසුව සාමාන්‍ය වාට්ටුවකට යොමු කර තිබුණා.

බිළිඳාගේ සිරුර මද වශයෙන් කහ පැහැති ගතියක් පෙන්නුම් කර ඇති අතර මව් කිරි ලැබීම අඩුවීම හෝ රුධිර ඝණවල වෙනසක් හේතුවෙන් එම තත්ත්වය සිදුවන්නට ඇති බවටයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියාසිටියේ.

පොලිස් අත්අඩංගුවට ගත් යුවළ හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23