කුකුළු මස් මිල ඉහළ යාම වැළැක්වීමට සකස් කළ යෝජනාවලියක් අමාත්‍ය මණ්ඩලයට

කුකුළු මස් මිල ඉහළ යාම පාලනය කිරීම මෙන්ම දැනට පවතින බිත්තර හිඟය අවම කරලීම සඳහා දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් සහිත යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුකුළු නිෂ්පාදන කර්මාන්තයේ යෙදී සිටින කර්මාන්තකරුවන් සමග අද (09) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී යි.

රජය විසින් දේශීය කුකුළු නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කළ ද මේ වනවිට රට තුළ කුකුළු මස් මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම බිත්තර හිඟයද මෙතෙක් විසඳී නැහැ.

මේ හේතුවෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම මෙන්ම රටේ ජනතාවගේ පෝෂණ තත්ත්වයන් ආරක්ෂා කිරීම ද රජයේ වගකීමක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එබැවින් කුකුළු මස් මිල පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමටත්, අවශ්‍ය වුවහොත් පිටරටින් කුකුළු මස් ආනයනය කිරීමටත් රජය සාකච්ඡා කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළා.

දැනට කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1300ක පමණ අගයක පැවතුන ද මාස තුනක් තුළ එම මිල රුපියල් 1200ක් දක්වා අවම කළ හැකි බවයි මෙහිදී කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් කියාසිටියේ.

මෙම මිල අවම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සමග ගිවිසුමකට එළඹීමට වුව ද හැකි බව එම කර්මාන්තකරුවන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වුවද මෙම සාකච්ඡාවේ දී එළඹි තීරණ සම්බන්ධ තොරතුරු සහිත වාර්තාවක් ලබන සතියේ රැස්වන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම හා එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලීමක් කරනු ලැබුවා.

මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා රජය අවශ්‍ය සහන ලබා දුන්නද එහි වාසිය පාරිභෝගික ජනතාවට ලැබී නොමැති බවයි ඔහු සඳහන් කළේ.

එබැවින් ලබන සතියේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී කුකුළු මස් මිල ඉහළ යාම හා බිත්තර හිඟය සම්බන්ධව රජය විසින් දැඩි තීන්දු තීරණ කිහිපයක් ගනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

අවශ්‍ය වුවහොත් දැඩි නීති රීති මත හෝ කුකුළු මස් මිල ඉහළ යාම වැළැක්වීමට පියවර ගන්නා බවයි ඔහු අවධාරණය කළේ.

කාලගුණික හේතුන් මත මේ දිනවල මත්ස්‍ය කර්මාන්තය ද අඩාල වී ඇති අතර එබැවින් කුකුළු මස්වලට ඇති ඉල්ලුම ඉහළ ගොස් තිබෙන බව මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43