කුකුල් මස් ආනයනය ගැන සාකච්ඡාවක් සඳුදා

ඉන්දියාවෙන් කුකුළු මස් ආනයනය කිරීමට අදාළ සාකච්ඡාවක් ලබන සඳුදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වෙළෙඳ අමාත්‍යාංශයේ නිලධාරීන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්, කුකුල් මස් නිෂ්පාදකයින්, සංගම් නියෝජිතයන් සහ අනෙකුත් පාර්ශවකරුවන් අතරයි මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත්තේ.

ඉන්දියාවෙන් කුකුළු මස් ආනයනය කිරීම සම්බන්ධයෙන් සඳුදා පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු අවසන් තීරණයක් ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබෙනවා.

දේශීය නිෂ්පාදකයින්ට කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් 850කට අලෙවි කිරීමට හැකියාව තිබුණද පාරිභෝගිකයින්ට එම ප්‍රතිලාභය හිමි නොවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

දේශීය වෙළෙඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් මාස කිහිපයක සිට ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම ද සිදු කරනු ලබනවා.

මේ අතර හම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 1250ක මිලකට අද(2) සිට සුපිරි වෙළෙඳසැල්වල අලෙවි කිරීමට කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කුකුළු මස් හා බිත්තර මිල අඩු කිරීම සම්බන්ධව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.

ඊට කුකුළු මස් නිෂ්පාදනය කරන සියලුම කර්මාන්තකරුවන් මෙන්ම මහා පරිමාණ වශයෙන් බිත්තර නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන් ද එක්ව සිටියා.

බිත්තර මිල පාලනය සඳහා තවත් බිත්තර මිලියන 91ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව කී අමාත්‍යවරයා අවධාරණය කළේ කුකුළු මස් මිල ද අඩු නොකළහොත් පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීම සඳහා කුකුළු මස් ද ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජයට සිදුවන බවයි.

කුකුළු මස් හා බිත්තරවලින් රට ස්වයංපෝෂිත වුවද බිත්තර හා කුකුළු මස් මිල ඉහළයාම රටේ ප්‍රෝටීන අවශ්‍යතාවයට ගැටළුවක් වී තිබෙන බවත් එම නිසා මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම බිත්තර මිල හා කුකුළු මස් මිල අඩු කළ යුතුව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඒ අනුව අද සිට හම සහිත කුකුළු මස් කිලෝවක එකක මිල රුපියල් 1250 දක්වා අඩු කිරීමට එකඟත්වය පළ කර තිබෙනවා.

කිසියම් සුපිරි වෙළෙඳසැලක් ඊට වැඩි මිලට අලෙවි කරන්නේ නම් 0712732679 අංකය මගින් කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමයේ අජිත් වීරසිංහ මහතාට දැනුම් දෙන ලෙසයි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43