AFC Banner
Empty Ad

කිසි සැකයක් නැහැ දෙදෙනාම එක් කෙනෙක් – පොලිස් මධ්‍ය ප්‍රකාශක

අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු විසින් මෙම අපරාධය සිදුකළ බවට තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පවසනවා.

ඒ, සඳහා වන ප්‍රමාණවත් සාක්ෂි මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් විසින් ලබාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අද (25) පෙරවරුවේ කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කළා.

මෙම අපරාධකරු සම්බන්ධයෙන් සාක්ෂි එක්රැස් කිරීම සඳහා පොලිසියෙන් පරිබාහිර විශේෂඥ සහාය ද ලබා ගැනීමට කටයුතු කරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව පසුගිය 19 වනදා අධිකරණය තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනාරච්චි නැමැත්තා වෑන් රථයකින් පලායමින් සිටිය දී පුත්තලම, පලවිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?