කිසිම රෝහලක විදුලි විසන්දි කිරීමක් සිදුකර නැහැ – බලශක්ති ඇමති

මහනුවර ප්‍රදේශයේ කිසිම රෝහලක විදුලිය විසන්දි කිරීමක් සිදු නොකළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
පාර්ලිමේන්තුවේ දී අද (25) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එවැනි සිදුවීමක් ඇත්නම් වහාම දැනුවත් කරන ලෙසයි අමාත්‍ය කංචන විජේසේක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම මහනුවර සහ කොළඹ ප්‍රදේශයේ ඇති කිසිම රෝහලක විදුලිය විසන්දි කිරීමක් සිදුකර නොමැති බව ද ඔහු පාර්ලිමේන්තුව් දී අවදාරණය කර සිටියා.

රුපියල් ලක්ෂ 48ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන්, මහනුවර ජාතික රෝහලේ පිළිකා ඒකකයේ විදුලිය විසන්ධි කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් බලශක්ති ඇමතිවරයා මේ බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?