AFC Banner
AFC Banner
Empty Ad

කිසිම කෙනෙකුගේ ආරක්ෂාව කැඩෙන විදිහට කටයුතු කරන්න අපි ඉඩ තියන්නේ නෑ

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් තැති ගැන්මකට ලක් කරන ආකාරයෙන් සිදු වූ බව කියන සිද්ධිය කිසිසේත් අනුමත නොකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ දිගු කලක් සිරගතව සිටින සිරකරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කළ හැකි ආකාරය ගැන සොයා බැලීමට අද (16) අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී ය.

සිරකරුවන්ට සාධාරණයක් ඉටු කිරීමට පැමිණි ඇමතිවරයාගෙන් සිරකරුවන්ගේ ආරක්ෂාවට සිදු වූ තර්ජනය පිළිබඳව මාධ්‍යවේදිහු ප්‍රශ්න කළහ.

ඊට අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු දුන්නේ ය.

”එහෙම සිද්ධියක් වුණා කියලා, මධ්‍ය සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනාවක් නගලා තිබ්බා. ඒ චෝදනාව පිළිබඳව අගමැතිතුමා සහ ජනාධිපතිතුමා අවධානය යොමු කරලා සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා උපදෙස් දුන්නා. අමාත්‍යතුමත් ඒ පරීක්ෂණවලට සහයෝගය දැක්වීම් අවශ්‍යතාව මත පරීක්ෂණ පවත්වන කල් තනතුරෙන් ඉල්ලා අස්වෙලා තියෙනවා. කිසිසේත් කිසිම කෙනෙකුගේ ආරක්ෂාව කැඩෙන විදිහට කටයුතු කරන්න අපි ඉඩ තියන්නේ නෑ. පරීක්ෂණයේ වාර්තාව ආවට පස්සේ පුළුවන් ඒ පිළිබඳව ගන්න ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දුවක් ගන්න. කිසිසේත් මෙවැනි සිදුවීම් අපි අනුමත කරන්නෙ නෑ”

– Newsfirst

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?