කිවි කතුන්ට ලකුණු 78ක ජයක්

සත්කාරක නවසීලන්ත ක්‍රීඩිකාවන් හමුවේ දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 78ක පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වුණා.

දෙරට අතර තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය පසුගියදා ආරම්භ වූ අතර දෙවැනි තරගය අද (07) උදෑසන ආරම්භ වූයේ නෙල්සන් හි දීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කිවි ක්‍රීඩිකාවන් පළමු ව පන්දුවට පහරදෙමින් පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් පමණක් දැවී ලකුණු 245ක් ලබා ගත්තා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මැඩි ග්‍රීන් පන්දු 109ක දී ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

ජේස් කර් ලකුණු 38ක් සහ පොලි ඉංග්ලිස් ලකුණු 34ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී චමරි අතපත්තු කඩුලු 02ක් සහ එක් කඩුල්ල බැගින් අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රියදර්ශනී සහ කවීෂා දිල්හාරි විසින් බිඳ හෙලනු ලැබුවා.

කෙසේවෙතත් ජයග්‍රහණයට ලකුණු 246ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සියලු දෙනා ලකුණු 167කට සීමා කරන්නට කිවි පන්දු යවන්නියන් සමත් වුණා.

දෙවැනි තරගයේදිත් අඛණ්ඩව අර්ධ ශතක ලැබූ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 59ක් ලබා ගත්තා.

කවීෂා දිල්හාරි ලකුණු 25 යි.

කඩුලු බිඳ දැමීමේ දී හැනා රොවෙ කඩුලු 04ක් ද බ්‍රී ඉලින්ග් සහ කාර්සන් කඩුලු දෙක බැගින් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය ශතකයක් ලබාගත් මැඩි ග්‍රීන් දිනාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?