කිවියන් බංගලීන්ට වඩා තවත් ලකුණු 44ක් පසුපසින්

සංචාරක නවසීලන්තයට එරෙහි ව පැවැත්වෙන පළමු ටෙස්‍ට් තරගයේ දෙවැනි දිනය අද නිමා වන විට සත්කාරක බංග්ලාදේශය ප්‍රතිවාදීන්ට වඩා තවත් ලකුණු 44ක් ඉදිරියෙන් සිටිනවා.

තරගයේ දෙවැනි දිනය වන අද දිනයේ දී පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම අද දිනයේ දී තරගය නතර කරන විට කඩුලු 08කට ලකුණු 266ක් ලබාගෙන සිටියා.

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමු ඉනිම පිතිකරණයෙන් ගොඩනගමින් සියල්ලන් ම දැවී ලකුණු 310ක් ලබා ගැනීමට සමත් වුණා.

බංග්ලාදේශයේ පළමු ඉනිම වෙනුවෙන් ඉහළ ම ලකුණුලාභියා වූයේ Mahmudul Hasan Joy වන අතර ඔහු ලකුණු 86ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී නවසීලන්තය වෙනුවෙන් ග්ලේන් පිලිප්ස් ලකුණු 53කට කඩුලු 04ක් ද, කඩුලු 02 බැගින් පිළිවෙළින් Kyle Jamieson සහ Ajaz Patel විසින් බිඳ දමනු ලැබුවා.

එක් කඩුල්ල බැගින් බිඳ දැමුවේ ටිම් සවුති සහ ඉෂ් සෝධි යි.

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ඇරඹූ නවසීලන්ත කණ්ඩායම මේ වනවිට කඩුලු 08ක් දැවී ලකුණු ලබා ගනිමින් සිටිනවා.

නවසීලන්තය වෙනුවෙන් පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයෙ නායක කේන් විලියම්සන්.

ඔහු විශිෂ්ට ටෙස්ට් ශතකයක් (104) ක් ලබා ගත්තා.

ග්ලේන් පිලිප්ස් සහ ඩැරිල් මිචෙල් අර්ධ ශතක ආසන්නයේ දී දැවී ගියා.

කඩුලු බිඳ දැමීමේ දී ටජ්මුල් ඉස්මාල් ලකුණු 61කට කඩුලු 04ක් බිඳ දමා තිබුණා.

එක් කඩුල්ල බැගින් ශොරිෆුල්, නයීම්, මෙහිදි සහ මොමිනුල්ට හිමි වුණා.

තරගය බංග්ලාදේශයේ Sylhet හි දී පැවැත්වෙන අතර හෙට තරගයේ තෙවැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?