කිවියන් බංගලීන්ට වඩා තවත් ලකුණු 44ක් පසුපසින්

සංචාරක නවසීලන්තයට එරෙහි ව පැවැත්වෙන පළමු ටෙස්‍ට් තරගයේ දෙවැනි දිනය අද නිමා වන විට සත්කාරක බංග්ලාදේශය ප්‍රතිවාදීන්ට වඩා තවත් ලකුණු 44ක් ඉදිරියෙන් සිටිනවා.

තරගයේ දෙවැනි දිනය වන අද දිනයේ දී පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම අද දිනයේ දී තරගය නතර කරන විට කඩුලු 08කට ලකුණු 266ක් ලබාගෙන සිටියා.

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමු ඉනිම පිතිකරණයෙන් ගොඩනගමින් සියල්ලන් ම දැවී ලකුණු 310ක් ලබා ගැනීමට සමත් වුණා.

බංග්ලාදේශයේ පළමු ඉනිම වෙනුවෙන් ඉහළ ම ලකුණුලාභියා වූයේ Mahmudul Hasan Joy වන අතර ඔහු ලකුණු 86ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී නවසීලන්තය වෙනුවෙන් ග්ලේන් පිලිප්ස් ලකුණු 53කට කඩුලු 04ක් ද, කඩුලු 02 බැගින් පිළිවෙළින් Kyle Jamieson සහ Ajaz Patel විසින් බිඳ දමනු ලැබුවා.

එක් කඩුල්ල බැගින් බිඳ දැමුවේ ටිම් සවුති සහ ඉෂ් සෝධි යි.

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ඇරඹූ නවසීලන්ත කණ්ඩායම මේ වනවිට කඩුලු 08ක් දැවී ලකුණු ලබා ගනිමින් සිටිනවා.

නවසීලන්තය වෙනුවෙන් පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයෙ නායක කේන් විලියම්සන්.

ඔහු විශිෂ්ට ටෙස්ට් ශතකයක් (104) ක් ලබා ගත්තා.

ග්ලේන් පිලිප්ස් සහ ඩැරිල් මිචෙල් අර්ධ ශතක ආසන්නයේ දී දැවී ගියා.

කඩුලු බිඳ දැමීමේ දී ටජ්මුල් ඉස්මාල් ලකුණු 61කට කඩුලු 04ක් බිඳ දමා තිබුණා.

එක් කඩුල්ල බැගින් ශොරිෆුල්, නයීම්, මෙහිදි සහ මොමිනුල්ට හිමි වුණා.

තරගය බංග්ලාදේශයේ Sylhet හි දී පැවැත්වෙන අතර හෙට තරගයේ තෙවැනි දිනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30