Empty Ad
AFC Banner
Empty Ad

කිවියන්ට එරෙහි T20 හා එක්දින තරගාවලියේ ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්

සංචාරක නවසීලන්තය සමගින් පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩාලෝලීන් හට ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ; මෙම තරගාවලිය නැරඹීම සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ නොවැම්බර් 6 වනදා සිට ආරම්භ කරන බවයි.

https://srilankacricket.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමට එදින සිට අවස්ථාව ක්‍රීඩා ලෝලීන් හට හිමිවනු ඇති.

එමෙන්ම කොළඹ 07 විද්‍යා මාවතේ සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත ප්‍රවේශ පත්‍ර කවුළු ද නොවැම්බර් 07 වනදා සිට විවෘත කෙරෙන බව ද වාර්තා වනවා.

පන්දුවාර 20 තරගාවලිය පැවැත්වෙන දිනවල දී දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව අසලින් ද ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකියි.

නොවැම්බර් 15 වනදා සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ද ප්‍රවේශපත්‍ර අලෙවි කෙරෙන අතර එක්දින තරග පැවැත්වෙන දිනවල දී බලගොල්ල අභීත ක්‍රීඩා පිටියේ දී ද ප්‍රවේශපත්‍ර මිල දී ගත හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

ප්‍රවේශ පත්‍ර කවුළු උදෑසන 9 සිට සවස 5 දක්වා විවෘත ව තැබෙනවා.

තරග පැවැත්වෙන දිනයන්හි දී උදෑසන 9 සිට සවස 8 දක්වා මෙම ප්‍රවේශ පත්‍ර කවුළු විවෘත ව තැබෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>