AFC Banner
Empty Ad
Empty Ad

කිවියන්ගේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන

එළඹෙන නොවැම්බරයේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන නිකුත් වී තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායමේ මෙම තරග සංචාරයට විස්සයි විස්ස තරග දෙකක් සහ එක්දින තරග තුනක් ඇතුළත්.

තරගාවලිය අරඹමින් පළමු 20-20 තරගය නොවැම්බර් මස 09 වනදා පැවැත්වෙන අතර, දෙවන තරගය ඊට පසුදින (10) පැවැත්වීමයි සැලසුම් කර ඇත්තේ.

විස්සයි විස්ස තරගාවලිය පැවැත් වෙන්නේ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

දෙරට අතර එක්දින තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 13 වනදා දඹුල්ලේ දීම පැවැත්වෙන අතර, දෙවන සහ තුන්වන එක්දින තරග පැවැත්වෙන්නේ නොවැම්බර් 17 සහ 19 යන දිනයන්වල දීයි.

එම තරග දෙක පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?