Update – කිලෝ සීයකට වැඩි මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

තංගල්ල – කුඩාවැල්ල ධීවර වරායේ සිට අධිශීතකරණ ලොරි රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙක් අද (13) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුඩාවැල්ල ධීවර වරායට ඇතුළුවන දොරටුව ආසන්නයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ලොරි රථයේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 65 ග්‍රෑම් 720ක් සහ හෙරොයින් කිලෝ 52 ග්‍රෑම් 280ක් මෙහිදී සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා 34 හස 35 යන වයස්වල පසුවන පැපිලිවල සහ ගුන්නෑපාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ලොරි රථයේ සිටි තවත් සැකකරුවෙක් පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21