තංගල්ල – කුඩාවැල්ල ධීවර වරායේ සිට අධිශීතකරණ ලොරි රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙක් අද (13) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුඩාවැල්ල ධීවර වරායට ඇතුළුවන දොරටුව ආසන්නයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
ලොරි රථයේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 65 ග්‍රෑම් 720ක් සහ හෙරොයින් කිලෝ 52 ග්‍රෑම් 280ක් මෙහිදී සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා 34 හස 35 යන වයස්වල පසුවන පැපිලිවල සහ ගුන්නෑපාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
ලොරි රථයේ සිටි තවත් සැකකරුවෙක් පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.