කිලෝ මීටර් දහසක දුරක් ගුවන් යානයේ රෝදයක් අල්ලාගෙන ගිය 13 හැවිරිදි ඇෆ්ගන් දරුවා

ගුවන් යානයක ගොඩබෑමේ රෝදය අසළ සැඟව ඇෆ්ගනිස්ථානයේ කාබුල් සිට ඉන්දියාවේ නව දිල්ලිය වෙත පැමිණි 13 හැවිරිදි ඇෆ්ගනිස්ථාන පිරිමි ළමයෙක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු මෙලෙස කිලෝ මීටර් 1001 ක පමණ දුරක් එම රෝදය අසළ සැඟවී පැමිණ ඇතිඅතර එම ගුවන් ගමන සඳහා පයක් සහ මිනිත්තු 30ක පමණ කාලයක් ගත වී ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය 23 වැනිදා ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර (IGI) ගුවන් තොටුපළ වෙතට පෙ.ව. 10.20 ට පමණ ළඟා වූ ගුවන් යානයකින් එම දරුවා ඉන්දියවට් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

ගුවන් යානය ගොඩ බැස්ස වීමෙන් පසු ඒ අසළ සැරිසරමින් සිටි පිරිමි ළමයෙක් පිළිබඳව සොයා බැලීමේදී ගුවන් සේවා බලධාරීන්ට මේ පිලිබඳ අනාවරණය වී තිබෙනවා.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාරණය වී ඇත්තේ ඔහු ඉරානයා බලා පිටත්ව යාම සඳහා මෙලෙස ගුවන් යනකට නැගගත බවයි.

කෙසේ වෙතත් එම දරුවා සුල්ලු මොහොතක් ඇතුළත නැවත ඇෆ්ගනිස්ථානයට පිටත්කර යැවීමට බලධාරීන් කටයුතු කොට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
6
+1
14
+1
11
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?