AFC Banner
Empty Ad
Empty Ad

කිලෝවොට් 150ක සූර්යබල විදුලි පද්ධතියක් සසුනට පූජා කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

කාබන් විමෝචනය අවම කරමින් ශුන්‍ය විමෝචන ඉලක්කය වෙත ළඟා වීම සඳහා වන රජයේ ජාතික ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් LTL සමූහ ව්‍යාපාරය විසින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද කිලෝවොට් 150 ක ධාරිතාවකින් යුත් සූර්යබල විදුලි පද්ධතිය සසුනට පූජා කිරීම අද (13) සිදු කෙරුණා.

ඒ, අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ සම්පූර්ණ විදුලිබල අවශ්‍යතාවය මෙම සූර්‍ය බල පද්ධතිය මඟින් සපයනු ලබනවා.

මේ අනුව ඉතිහාසයේ ප්‍රථම වරට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටිනා එම පරිශ්‍රය ශුද්ධ ශූන්‍ය කාබන් විමෝචන කලාපයක් බවට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?