කිලෝමීටර 5000ක් දින 57ක දී පා ගමනින් ගිය වතු කම්කරුවා(වීඩියෝ)

වෘත්තියෙන් වතු කම්කරුවෙකු වන බාලකුමාර අගෝස්තු මස 25 වන දින රටට සාමය සෞභාග්‍ය උදා කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාව වටා ගමන් කිරීමට පින්නදූව නගරයෙන් ආරම්භ කළ පා ගමන අද (03) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී සාර්ථකව අවසන් කෙරුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; සුබ්‍රමනියම් බාලකුමාර මේ වනවිට 50 හැවිරිදි වියේ පසුවන ගාල්ල මහමෝදර පදිංචිකරුවෙකු වන බවයි.

ඔහු ගාල්ලෙන් ආරම්භ කළ මෙම පා ගමන දිවයින වටා ඇති සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් කිලෝමීටර 5000ක් දින 57ක කාලයක් තුළ ගෙවෙමින් නිමා කිරීමට සමත් වුණා.

ඔහු 2020 වසරේ කොරෝනා සමයේ රටට සෙත් පතා පින්නදූවේ සිට යාපනය බලා කිලෝමීටර් 1500 ක පාගමනක් ගිය අතර 2021 වසරේ ද පින්නදුවෙන් කිලෝමීටර් 2000 පා ගමනක් ආරම්භ කළා.

එය දින 45 ක් තුළ දී නිම කරමින් හෙතෙම 2022 වසරේ ද කිලෝමීටර් 2500ක පාගමනක් දින 52ක දී අවසන් කිරීමට කටයුතු කළ විශිෂ්ටයෙක්.

පා ගමන අවසන් කරන අවස්ථාවට සහභාගි වූ ගාල්ල දිස්ත්‍රික් ලේකම් W.A. ධර්මසිරි මහතා ඔහුට සුබ පැතුම් පිරිනැමූ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් පිරිසක් ඔහුට මුදල් ත්‍යාග ද ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45


?