කිලෝමීටර 5000ක් දින 57ක දී පා ගමනින් ගිය වතු කම්කරුවා(වීඩියෝ)

වෘත්තියෙන් වතු කම්කරුවෙකු වන බාලකුමාර අගෝස්තු මස 25 වන දින රටට සාමය සෞභාග්‍ය උදා කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාව වටා ගමන් කිරීමට පින්නදූව නගරයෙන් ආරම්භ කළ පා ගමන අද (03) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී සාර්ථකව අවසන් කෙරුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; සුබ්‍රමනියම් බාලකුමාර මේ වනවිට 50 හැවිරිදි වියේ පසුවන ගාල්ල මහමෝදර පදිංචිකරුවෙකු වන බවයි.

ඔහු ගාල්ලෙන් ආරම්භ කළ මෙම පා ගමන දිවයින වටා ඇති සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් කිලෝමීටර 5000ක් දින 57ක කාලයක් තුළ ගෙවෙමින් නිමා කිරීමට සමත් වුණා.

ඔහු 2020 වසරේ කොරෝනා සමයේ රටට සෙත් පතා පින්නදූවේ සිට යාපනය බලා කිලෝමීටර් 1500 ක පාගමනක් ගිය අතර 2021 වසරේ ද පින්නදුවෙන් කිලෝමීටර් 2000 පා ගමනක් ආරම්භ කළා.

එය දින 45 ක් තුළ දී නිම කරමින් හෙතෙම 2022 වසරේ ද කිලෝමීටර් 2500ක පාගමනක් දින 52ක දී අවසන් කිරීමට කටයුතු කළ විශිෂ්ටයෙක්.

පා ගමන අවසන් කරන අවස්ථාවට සහභාගි වූ ගාල්ල දිස්ත්‍රික් ලේකම් W.A. ධර්මසිරි මහතා ඔහුට සුබ පැතුම් පිරිනැමූ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් පිරිසක් ඔහුට මුදල් ත්‍යාග ද ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් ගෞරවයට නිල සැලියුට් එකක්… වුඩ්ලර්ගේ සංවේදී ආචාරය
00:26
Video thumbnail
දෙකෙන් එකක් බේරගන්න අපි කොළඹට එනවා
04:29
Video thumbnail
දුක්බරව සිටි හිටපු පොලිස්පතිගේ පුතු වැළඳ සැනසූ තලතා..
00:49
Video thumbnail
හිටපු පොලිස්පතිගේ අවසන් ගමනේ සංවේදී මොහොතක්… CD ඉදිරියේ නිහඬව නතර වූ රනිල්
00:32
Video thumbnail
හිටපු පොලිස්පතිට ආචාර කරලා අවසන් ගෞරවය දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා
01:56
Video thumbnail
ළඟ හිටපු ටිල්වින්ටත් වැඩේට හිනා...
00:31
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න රනිල් එයි - ශවේන්ද්‍ර සිල්වාත් එක්වෙයි
02:39
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ඇති පෙට්ටිය විවෘත කරන්න හදද්දිම වෙච්ච දේ..
00:51
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැදින් හිටපු පොලිස්පතිගේ දේහය මල් ශාලාවට
02:05
Video thumbnail
බස් එක යන්න දෙන්නේ නෑ - මූ බීලා ඉන්නේ, බස් එකෙන් බස්සන්න
02:47