කිරුළක් වෙනුවෙන් ලංකාවේ රූ රැජිනියන් ගැටෙද්දී මියන්මාරගෙන් ලොවට ලැබුණු ආදර්ශය

මේ වන විට මෙරට මාධ්‍ය අතර විශාල කතා බහක් වී ඇති මාතෘකාව වන්නේ විවාහක රූ රැජින තරගාවලියේ කිරුළක් සම්බන්ධව ඇති වූ ගැටළුවක් පිළිබඳවයි.මෙරට රූ රැජිනියන් අතර එලෙස ගැටුම් ඇති වෙද්දී විදෙස් පුවත් සේවාවන් තම රටේ ජනතාව වෙනුවෙන් නැගී සිටි රූ රැජිනක් පිළිබඳව වාර්තා කර තිබෙනවා .එම රූ රැජින වාර්තා වන්නේ මියන්මාරයෙන්.

මියන්මාර රූ රැජින (Miss Grand Myanmar) ලෙස කිරුළු පැළඳ සිටින හැන් ලේ ( Han Lay)  තම රටේ හමුදා පාලනයට එරෙහිව නැගී සිට තිබෙනවා.

තායිලන්තයේ පැවැත්වෙන 2020- Miss Grand International තරගාවලියට සහභාගී වෙමින් ඇය ප්‍රසිද්ධ මාධ්‍යයේ තම රටේ හමුදා පාලනය දැඩිව විවේචනයකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව මියන්මාර රූ රැජින පවසා ඇත්තේ,

“මගේ රටේ, මියන්මාරයේ අද බොහෝ දෙනෙක් මිය යමින් සිටිනවා. කරුණාකර මගේ රටට උදව්වෙන්න. මේ මොහොතේ අපට හදිසි ජාත්‍යන්තර ආධාරය අවශ්‍ය කරනවා,”

එමෙන්ම මේ වන විට හැන් ලේ තායිලන්තයේ රැඳී සිටින අතර ඇය පවසන්නේ හමුදා පාලනය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම නිසා දැනටමත් තමන් හට මරණ තර්ජන එල්ල වී ඇති බවයි.

එමෙන්ම කිසි ලෙසකින් හමුදාවට එරෙහි විරෝධතාවලට සම්බන්ධ නොවූ ඇගේ යෙහෙළිය මේ වන විටත් හමුදා පාලකයින් වෙඩි තබා ඝාතනය කර ඇති බවත් ඇය සඳහන් කර තිබෙනවා .

මියන්මාරයට එක්සත් ජාතීන්ගේ සහය කඩිනමින් අවශ්‍යයි

“ඔවුන් සිදුකරමින් සිටින්නේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කඩිනමින් පියවරක් ගනු ලැබීම අපට අවශ්‍ය කරන්නේ ඒ නිසයි. අපට අපේ නායිකාව නැවත අවශ්‍යයි. අපට නැවතත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි.” යනුවෙන්ද හැන් ලේ ප්‍රකාශ කර තිබෙනවා.

විසි දෙහැවිරිදි මියන්මාර් රූප රාජිනිය හමුදා ජුන්ටාවට එරෙහිව මෙයින් මාසයකට පමණ පෙර, රටේ විශාලතම නගරය වන ‘යැන්ගොන්හි’ වීදි විරෝධතා ව්‍යාපාරයන්ට ද එක්ව සිටිනු දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණා.

යුද හමුදා කුමන්ත්‍රණයට විරෝධය දැක්වීම සඳහා මේ වන විට දස දහස් සංඛ්‍යාත ගණනින් මහජනතාව රට පුරා වීදි බසිමින් විරෝධතා ව්‍යාපාර දියත් කර තිබෙන අතර එය මැඩ පැවැත්වීම සඳහා යුද හමුදා පාලනය , ජල කාලතුවක්කු ප්‍රහාර මුලින් එල්ල කළ අතර එය ප්‍රතිඵල රහිත් වූ බැවින් දෙවන පියවරේ දී රබර් උණ්ඩවලින්ද අනතුරුව ජීව උණ්ඩවලින් ද මහජනයාට වෙඩි තබන්නට පටන් ගෙන තිබෙනවා.

මේ වන විට මියන්මාරයේ කුඩා දරුවන්ද ඇතුළුව විශාල ප්‍රමාණයක් හමුදා පාලකයින් විසින් ඝාතනය කර ඇති අතර මියන්මාර ජනතාව දැඩි අසීරු තත්ත්වයක් හමුවේ වුවද තම විරෝධය නවැත්වීමට කිසිදු අයුරකින් යොමු නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47