AFC Banner
AFC Banner
Empty Ad

කිරි තේ මිල පහළට

කිරි තේ එකක මිල රුපියල් 10.00කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත්ගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ අප්‍රේල් මුල සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක බවයි.

කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200.00කින් හා ග්‍රෑම් 400ක මිල රුපියල් 80.00කින් පහත දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය තීරණය කිරීමත් සමඟ කිරි තේ මිලද අඩු කිරීමට මෙලෙස පියවර ගත් බවයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට කිරි තේ එකක මිල පවතින්නේ රුපියල් 100ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?