spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිරි ගවයන් ආනයනය කරනවා යැයි කියා ලබාගත් අත්තිකාරම් මුදලේ වටිනාකම

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට කිරි ගවයන් ආනයනය කිරීම වෙනුවෙන් අත්තිකාරම් වශයෙන් ගෙවූ ඇ.ඩො. මිලියන 11.09 ක මුදල පිළිබඳ විගණකාධිපතිවරයාගෙන් විශේෂ වාර්තාවක් කෝප් කමිටුවට කැඳවා තිබෙනවා.

වෙලාඩ් ව්‍යාපෘතිය (Wellard Project) යටතේ 2018 වර්ශයේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට කිරි ගවයන් ආනයනය කිරීම වෙනුවෙන් අත්තිකාරම් වශයෙන් ගෙවූ ඇ.ඩො. මිලියන 11.09 ක මුදල පිළිබඳ විගණකාධිපතිවරයාගෙන් විශේෂ වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස එම කාරකසභාවේ සභාපති ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා නිර්දේශ කළේය.

මෙලෙස කිරි ගවයන් ආනයනය කිරීමට අත්තිකාරම් මුදල් ගෙවීම සිදු වුවද සතුන් ලබාගැනීමක් හෝ එම මුදල් අයකරගැනීමට කටයුතු කිරීමක් තවම සිදු වී නොමැති බව මෙහිදී හෙලි විය. එසේම 2012, 2013 සහ 2015 වර්ෂ වලදී ඇ.ඩො. මිලියන 33.7 ක් වැයකොට ඹ්ස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද කිරි ගවයන් 4495 න් 3991 මියගොස් ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ අනුව විගණකාධිපතිවරයාට මේ පිළබඳ මෙම විශේෂ වාර්තාව කෝප් කමිටුවට ලබාදෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?