කිරිපිටි මිල යළි ත් ඉහළට ?

ආනයනික කිරිපිටි මිල ලබන සතියේදී බෙහෝ දුරට ඉහළ දමනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

අප කළ විමසීමකදී එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කර සිටියේ, මේ වන විට කිරිපිටි තොග අවසන් බව ත් නැවත ආනයනික කිරිපිටි තොග ලබන සතියේදී ලැබෙන බව ත් ය.

ඒ අනුව, කිරිපිටි තොග ලැබුණු පසු අදාළ මිල සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කර මිල ගණන් ප්‍රකාශයට පත් කරන බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

ආනයනික කිරිපිට මිල මාර්තු 19 වන දා ඉහළ දැමූ අතර ඒ අනුව, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රු. 250කින් සහ කිලෝ ග්‍රෑම් 1 පැකට්ටුවක මිල රු. 600කින් ඉහළ දැමීමට එම සංගමය කටයුතු කර තිබිණි.

මිල ඉහළ දැමීමත් සමග ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් මේ වන විට වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 790කට ය.

කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක් අලෙවි වන්නේ, රු. 1945කට ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?