AFC Banner
Empty Ad
Empty Ad

කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්… එක පැකැට්ටුවක් පමණයි

නුවරඑලිය රාජ්‍ය ආයතනයක පහල මහලේ ගොඩනැගිල්ලක පිහිටි දේශිය කිරිපිටි අලෙවිසැලක් ඉදිරිපිට කිරිපිටි පැකට්ටුවක් මිල දි ගැනිමට පාරිභෝගිකයන් (30) දින උදැසන සිට දිගු පොලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

අඹේවෙල ප්‍රදේශයේ  පිහිටි කිරිපිටි කර්මාන්ත ශාළාවේ නිෂ්පාදිත කිරිපිටි සතියට එක් දිනක් පමණක් අලෙවි වෙලදසැල වෙත ලබාදෙන සිමිති කිරිපිටි ප්‍රමාණය පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි.

කිරිපිටි පැකට් මිල දි ගැනිම සදහා පොලිම් වල රැදි සිටි ඇතැම් පාරිභෝගිකයන්ට කිරිපිටි පැකට් මිල දි ගැනිමට නොහැකි තත්ත්වයක්ද උද්ගත වුයේ එම අලෙවි වෙලදසැල වෙත ඉල්ලුමට සරිලන සැපයුමක් නොලැබිම හේතුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?