කිරිපිටි ආනයනකරුවන්ගෙන් රතු එළියක්

වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස්කර ගැනීමට දේශීය බැංකු ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ප්‍රති අපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන් පවසයි.

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස්කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 50ක මුදලක් රාජ්‍ය බැංකු දෙකක් වෙත ඊයේ (29) නිදහස් කළේය.

ආනයනකරුවන් හා වරාය අමාත්‍යවරයා අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ද අනාවරණය වුයේ පෞද්ගලික බැංකු මගින් ඩොලර් නිකුත්වීම ප්‍රමාදවන බවය.

අද දක්වාම එම ගැටලුවට විසඳුමක් නොලැබුණු බැවින් කොළඹ වරායේ රඳවා ඇති කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ප්‍රතිඅපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික, ලක්ෂ්මන් වීරසූරිය පැවසුවේ කිරිපිටි නරක්වීමේ අවදානමක් ඇති බැවින් එවැනි පියවරක් ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයන බවය.  

මාස 3කට ආසන්න කාලයක සිට පවතින මෙම කිරිපිටි හිඟයට මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන්  ජනතාවට අදත් කිරිපිටි මිලදීගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නය ලැබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15