කිරින්දේ දී ඇමති විමල්ට “හු” කියයි

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ඊයේ හම්බන්තොට කිරින්ද ප්‍රදේශයේ සාකච්ඡාවට සහභාගි වූ අවස්ථාවේදී විරෝධය එල්ල කළා. එම ඇමැතිවරයා එම සංචාරයේ නිරත වුණේ එම ප්‍රදේශය පිහිටි ඛණිජ වැලි නිධියක් ලංකා ඛණිජ වැලි සමාගම යටතට ගෙන ඉල්මනයිට් කැණීම් කටයුතු කිරීම ගැන සාකච්ඡා කිරීමටයි.

නමුත් එහි පැමිණි පිරිස් සඳහන් කරන ලද්දේ මේ වන විටත් ඉන්දියානු සමාගමක් විසින් වරුවකට රුපියල් 4000 බැගින් මුදල් තමනට ගෙවමින් එහි කැණීම් කටයුතු කරන බවයි. එනිසා තවදුරටත් ඉන්දීය සමාගම සමග ඉදිරියට වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍ය බව ඔවුන් එහිදී සඳහන් කර සිටියේ.

කෙසේ නමුත් ඇමති විමල් වීරවංශ ගේ අදහස වූයේ ඉතා වටිනා ඉල්මනයිට් නිධිය විදේශයකට ලබා නොදිය යුතු බවත් රජයේ ආයතනයක් සමග ඉදිරියට කටයුතු වැඩ කර ගෙන යා යුතු බවයි.

වරුවකට ඉහල මුදලක් ගෙවන්නේ ඉතා වටිනා සම්පත් ප‍්‍රමාණයක් ඉන්දීය සමාගම විසින් ගෙන යන නිසා බවද ඇමතිවරයා මෙහිදී පවසා සිටියේ.

නමුත් එහි පිරිස් ඊට එකඟ නොවූ අතර ඇමැතිවරයා පිට වන අවස්ථාවේ ඔහුට “හූ” වකින්ද සංග්‍රහ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43