කිරිගව සොරකම්වලට දඩය මිලියනය දක්වා ඉහළට (වීඩියෝ)

කිරිගව සොරකම්වලට දඩය රුපියල් මිලියනය දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කිරිගවයින් සොරකම් කිරීම් මේ වනවිට දිවයින පුරා ඉහළ යමින් පවතින බවටයි කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තා වී ඇත්තේ.

දැනට ක්‍රියාත්මක සත්ව සුබසාධන පනත යටතේ කිරිගව සොරකම් සඳහා උපරිම දඩය රුපියල් 50,000ක් වන අතර ඊට අමතරව ඒ සඳහා සිර දඬුවම් පැනවීමක් ගැන සඳහන් වන්නේ නැහැ.

මෙම කරුණු සැළකිල්ලට ගනිමින් කිරිගව සොරකම් සඳහා වන දඩය රුපියල් ලක්ෂ 10 දක්වාත්, අඩුම තරමින් වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම් පැනවීම සඳහාත් වගන්ති ඇතුළත් කර සත්ව සුබසාධන පනත සංශෝධනය කරන ලෙසටයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

සත්ව සුබසාධන පනත නව සංශෝධන සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.

සත්ව සුබසාධන සංගම් නියෝජිතයින් පිරිසක් සමග පැවැති මෙම සාකච්ඡාවේ දී කිරි ගව සොරකම් ඉහළ යාම හා කිරි ගව සොරුන්ට ලබා දෙන දඬුවම් සම්බන්ධව වගන්ති සඳහා නව සංශෝධන ඇතුළත් කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව කිරි ගව සොරකමක දී දැනට පනවන රුපියල් 50,000ක දඩය රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ නැංවීමටත්, දැනට සිර දඩුවම් පිළිබඳ මෙම පනතේ අඩංගු නොවන බැවින් අඩු තරමින් බරපතල වැඩ සහිතව වසරක සිර දඬුවමක් පනවන ලෙස කරුණු ඇතුළත් කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.

පසුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙතෙක් දිනකට වැඩිම කිරි ප්‍රමාණයක් ලබා දුන් එළදෙන ද සොරකම් කර මරා දමා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා සඳහන් කළේ එම ගවදෙනගෙන් දිනකට කිරි ලීටර් 26ක් බැගින් ලබා ගෙන ඇති බවයි.

අවස්ථා ගණනක දී ගව සොරකම් මර්දනය සඳහා පියවර ගන්නැයි පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර ඇති බව කී අමාත්‍යවරයා රටේ වැඩිම ගව සොරකම් වාර්තා වන දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය වන බව ද අනාවරණ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
3
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36