කිරිකැටි බිළිඳා මියගිය පසු පලාගිය මව රක්ෂිත බන්ධනාගාරයට

කිරි සහ බත් ඇට සිරවී ඇති වූ ශ්වසන අපහසුතාව හේතුවෙන් මිය ගිය තෙලිජ්ජවිල – ඇල්ගිරිය – කන්දහේන ප්‍රදේශයේ මාස නවයක් වයැසැති බිළිඳාගේ මරණය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් දරුවාගේ මව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, අදාල සිද්ධිය සිදු වූ දින ඇය නිවසින් පලාගොස් සිටිය දී ගොඩකවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (18) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ 22 හැවිරිදි කාන්තාව තම දරුවාට බත් කවා කිරි දී ස්නානය කිරීමට ගොස් මද වේලාවකින් පැමිණ බලන විට දරුවා නිසොල්මන්ව සිටීම නිසා බියට පත්ව ලිපියක් ද ලියා නිවසින් පළා ගොස් තිබුණා.

පසුව එම නිවසේ සිටි වැඩිමහල් දරුවා හඬන ශබ්දය ඇසීමත් සමඟ අසල්වාසීන් පැමිණ සිදුකළ සෝදිසි කිරීමේදී මෙම බිළිඳා මුඛයෙන් සෙම දමමින් බිම ඇඳ වැටී සිටිනු දැක ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව ඔවුන් වහාම බිළිඳා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර රෝහල් ගතකරන විටත් බිළිඳා මියගොස් සිටි බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සැකපළ කළේ බිළිඳාගේ මව විසින් බිළිඳාට වස පොවා ඝාතනය කර නිවසින් පළාගොස් ඇති බවටයි.

කෙසේ වෙතත් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වුණේ බිළිඳාගේ මරණයට හේතු වී ඇත්තේ ශ්වසන මාර්ගයේ ආහාර සිරවීම බවටයි.

අත්අඩංගුවට ගත් මව පොලිසියට පවසා තිබුණේ තමන් ස්නානය කර පැමිණි අවස්ථාවේ දරුවා සෙම වමනය කරමින් බිම වැටී සිටි බවත්, සැමියා දරුවාගේ මරණයට තමන් වග කිව යුතු බවට චෝදනා කරනු ඇතැයි බියෙන් නිවසින් පලා ගිය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මත්ද්‍රව්‍ය සහ පාතාලයට යළි හිස ඔසවන්න ඉඩ දෙන්නේ නෑ
03:44
Video thumbnail
විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු ඒකකයක් පිහිටුවයි
06:36
Video thumbnail
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි
01:02
Video thumbnail
අනුර මේ වෙලාවේ විපක්ෂයේ හිටියා නම් අමුතු කතා කියයි
04:43
Video thumbnail
අජිත් නිවාඩ් කබ්රාල් නිදොස් කොට නිදහස්.?
06:29
Video thumbnail
මේ ප්‍රශ්න සියල්ලටම රනිල් විසඳුම් දීලා තියෙන්නේ
03:41
Video thumbnail
අමෙරිකාවේ ගුවන් යානයක් සුණු විසුණු කළ බිහිසුණු අනතුර
00:23
Video thumbnail
කුඹුරු අක්කර 7000ක් බේරාගැනීමට නායකත්වය දුන් රාජ්‍ය නිලධාරියා."වැලි කොට්ට 15000ක් දාලා බැම්ම හැදුවා"
01:51
Video thumbnail
පුටු මාරුවීමක් නිසා කොළොන්නාව ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි
04:46
Video thumbnail
කාර් එකක් උඩට වැ#මින් ගුවන් යානයක් සුණු විසුණු කළ බිහිසුණු අනතුර..
00:47


?