කිරිකැටි බිළිඳා මියගිය පසු පලාගිය මව රක්ෂිත බන්ධනාගාරයට

කිරි සහ බත් ඇට සිරවී ඇති වූ ශ්වසන අපහසුතාව හේතුවෙන් මිය ගිය තෙලිජ්ජවිල – ඇල්ගිරිය – කන්දහේන ප්‍රදේශයේ මාස නවයක් වයැසැති බිළිඳාගේ මරණය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් දරුවාගේ මව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, අදාල සිද්ධිය සිදු වූ දින ඇය නිවසින් පලාගොස් සිටිය දී ගොඩකවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (18) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ 22 හැවිරිදි කාන්තාව තම දරුවාට බත් කවා කිරි දී ස්නානය කිරීමට ගොස් මද වේලාවකින් පැමිණ බලන විට දරුවා නිසොල්මන්ව සිටීම නිසා බියට පත්ව ලිපියක් ද ලියා නිවසින් පළා ගොස් තිබුණා.

පසුව එම නිවසේ සිටි වැඩිමහල් දරුවා හඬන ශබ්දය ඇසීමත් සමඟ අසල්වාසීන් පැමිණ සිදුකළ සෝදිසි කිරීමේදී මෙම බිළිඳා මුඛයෙන් සෙම දමමින් බිම ඇඳ වැටී සිටිනු දැක ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව ඔවුන් වහාම බිළිඳා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර රෝහල් ගතකරන විටත් බිළිඳා මියගොස් සිටි බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සැකපළ කළේ බිළිඳාගේ මව විසින් බිළිඳාට වස පොවා ඝාතනය කර නිවසින් පළාගොස් ඇති බවටයි.

කෙසේ වෙතත් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වුණේ බිළිඳාගේ මරණයට හේතු වී ඇත්තේ ශ්වසන මාර්ගයේ ආහාර සිරවීම බවටයි.

අත්අඩංගුවට ගත් මව පොලිසියට පවසා තිබුණේ තමන් ස්නානය කර පැමිණි අවස්ථාවේ දරුවා සෙම වමනය කරමින් බිම වැටී සිටි බවත්, සැමියා දරුවාගේ මරණයට තමන් වග කිව යුතු බවට චෝදනා කරනු ඇතැයි බියෙන් නිවසින් පලා ගිය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57