Indian Premier League

කියුබාවේ මැයි දින සැමරුම් නවතා දැමේ

ඉතා උත්කර්ෂවත් අන්දමින් ලෝක මැයි දින පෙළපාලි සහ රැළි පවත්වනු ලබන කියුබාව මෙවර මැයි දින පෙළපාලි සහ රැළි පැවැත්වීම නැවත දමා තිබෙනවා.

එරට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් මෙවර මැයි දිනය සැමරීම අතහැර දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෙනදාට මැයි පළමු වන දිනට අතුරු සිදුරු නොමැතිව රක්ත වර්ණයෙන් සැරසුණු ජනතාවගෙන් පිරී යන හැවානා අගනුවර පිහිටි කියුබානු විප්ලවීය චතුරශ්‍රය අද පාළු ස්වභාවයක් ගෙන තිබෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

1959 විප්ලවයෙන් පසු කියුබාවේ ඉන්ධන හිඟය සහ ආර්ථික අර්බුදය මත මැයි දින සැමරුම අවලංගු කළ පළමු අවස්ථාව මෙය වනවා.

මේ අතර පසුගිය සති කිහිපය තුළ එරට ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් ඇති වූ අතර රියදුරන් බොහෝ විට දින ගණන් බලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?