කිඹුලෙකු පුද්ගලයෙකු ඩැහැගෙන යයි

කළුතර උතුර පොලිස් වසමේ කළුතර පාලම යට ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවට කළුතර උතුර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ පැමිණිල්ල සිදු කළ පුද්ගලයා කළුතර පාලම මත රැඳී සිටින අවස්ථාවේ පාලම යට මුහුණ සෝදමින් සිටි පුද්ගලයෙකු එක් වරම කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බව තමා දුටු බවයි.

ඒ අනුව පොලිසිය විසින් කළ සෝදිසියේදී කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බවට සඳහන් ස්ථානයේ ගමන් බෑගයක් තුළ තිබී කතරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකුගේ හැඳුනුම්පතක ඡායාරූපයක් ,බැංකු පාස් පොත් දෙකක් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව ද දැනුවත් කර ඇති අතර හමු වූ ලේඛන සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?