Empty Ad
AFC Banner
Empty Ad

කිඹුලා ඇළේ ගුණා’ ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් හැටි ඉන්දීය පොලිසිය හෙළි කරයි

පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කිඹුලා ඇළේ ගුණා, ඔහුගේ පුත්‍රයා ඇතුළු 5 දෙනෙකු ඉන්දියාවේ චෙන්නායිහිදී ඉරිදා (ජන: 31) අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය පොලිසියේ අපරාධ විමර්ශන අංශය උපුටා දක්වන එරට මාධ්‍ය වාර්තා කළේ, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සබඳතා පවත්වා ඇති බවට චෝදනා ඇති කිඹුලා ඇළේ ගුණා චෙන්නායි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවය.

අනතුරුව ගුණාගේ පාපොච්චාරණයකට අනුව තවත් පුද්ගලයින් 4 දෙනෙකු ඊයේ (පෙබ: 02) චෙන්නායි නගරයේ ස්ථානයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කිඹූලා ඇළේ ගුණාගේ පුත්‍රයා, වෙඩික්කරුවෙකු ලෙස කුප්‍රකට බුම්මා හෙවත් කෙනඩි, දිලීපන් සහ විග්නේස්වර පෙරුමාල් යන සිව් දෙනාය.

ඔවුන් සියලු දෙනා චෙන්ගල්පෙට් බන්ධනාගාරයේ රඳවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඉන්දීය පොලිසිය පවසන්නේ, පසුගිය ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවට ගත් ගුණාගේ සමීපතමයෙකු වන ෆොන්සේකා හෙවත් සුනිල් ගාමිණී අත්අඩංගුවට ගැනීමෙන් පසු කිඹුලා ඇළේ ගුණා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවය.

ඉන්දීය අපරාධ විමර්ශන අංශය පවසන්නේ, 45 හැවිරිදි ගුණා හෙවත් ගුණසේකරන් නමැත්තා චෙන්නායි ගුවන් තොටුපළේ සිට නවදිල්ලිය වෙත යාමට සිටියදී අත්අඩංගුවට ගත් බවය.

1999 වසරේදී එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඝාතනය කිරීමට තැත් කළ බෝම්බ ප්‍රහාරයට ගුණා සම්බන්ධ බවට තොරතුරු ඇතැයි ඉන්දීය වාර්තාවල සඳහන් වේ.

සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කළ බව තමිල්නාඩු පොලිසිය පවසයි.

මේ අතර, මෙම සැකකරුවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පියවර ගන්නා බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ද පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>