කිඹුලා ඇළේ ගුණා’ ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් හැටි ඉන්දීය පොලිසිය හෙළි කරයි

පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කිඹුලා ඇළේ ගුණා, ඔහුගේ පුත්‍රයා ඇතුළු 5 දෙනෙකු ඉන්දියාවේ චෙන්නායිහිදී ඉරිදා (ජන: 31) අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය පොලිසියේ අපරාධ විමර්ශන අංශය උපුටා දක්වන එරට මාධ්‍ය වාර්තා කළේ, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සබඳතා පවත්වා ඇති බවට චෝදනා ඇති කිඹුලා ඇළේ ගුණා චෙන්නායි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවය.

අනතුරුව ගුණාගේ පාපොච්චාරණයකට අනුව තවත් පුද්ගලයින් 4 දෙනෙකු ඊයේ (පෙබ: 02) චෙන්නායි නගරයේ ස්ථානයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කිඹූලා ඇළේ ගුණාගේ පුත්‍රයා, වෙඩික්කරුවෙකු ලෙස කුප්‍රකට බුම්මා හෙවත් කෙනඩි, දිලීපන් සහ විග්නේස්වර පෙරුමාල් යන සිව් දෙනාය.

ඔවුන් සියලු දෙනා චෙන්ගල්පෙට් බන්ධනාගාරයේ රඳවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඉන්දීය පොලිසිය පවසන්නේ, පසුගිය ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවට ගත් ගුණාගේ සමීපතමයෙකු වන ෆොන්සේකා හෙවත් සුනිල් ගාමිණී අත්අඩංගුවට ගැනීමෙන් පසු කිඹුලා ඇළේ ගුණා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවය.

ඉන්දීය අපරාධ විමර්ශන අංශය පවසන්නේ, 45 හැවිරිදි ගුණා හෙවත් ගුණසේකරන් නමැත්තා චෙන්නායි ගුවන් තොටුපළේ සිට නවදිල්ලිය වෙත යාමට සිටියදී අත්අඩංගුවට ගත් බවය.

1999 වසරේදී එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඝාතනය කිරීමට තැත් කළ බෝම්බ ප්‍රහාරයට ගුණා සම්බන්ධ බවට තොරතුරු ඇතැයි ඉන්දීය වාර්තාවල සඳහන් වේ.

සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කළ බව තමිල්නාඩු පොලිසිය පවසයි.

මේ අතර, මෙම සැකකරුවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පියවර ගන්නා බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ද පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09