AFC Banner
AFC Banner
Empty Ad

කින්නියා කුරින්චකර්නි පාලම ඉදිකිරීම යළි ඇරඹෙයි

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයින් ලක්ෂයකට පමණ සිය ගමනාගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්චකර්නි පාලමේ ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ එම පාලම ඉදිකිරීමේ කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන් කර ඇති බවයි.

පේරාදෙණිය – බදුල්ල – චෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි මුදල් මේ සඳහා යෙදවීමට අදාළ සංශෝධිත ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂ (නීති) අබ්දුල් මොසෙන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?