Empty Ad
AFC Banner
Empty Ad

කෑම පාර්සලයක් නිසා දුම්රියක් ධාවන ප්‍රතික්ෂේප කළ රියදුරා ගැන විමර්ශනයක්

තම කෑම පාර්සලය නියමිත වේලාවට රියදුරු කුටියේ නොතිබීම හේතුවෙන් පසුගිය 20 වනදා දහවල් කුරුණෑගල සිට කොළඹ කොටුව බලා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රියක්, ධාවනය කිරීම ප්‍රතික්ෂේප කළ දුම්රිය රියදුරා පිළිබඳව විමර්ශනයක් අරඹා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

තම කෑම පාර්සලය නියමිත වේලාවට නොලැබීම හේතුවෙන් දුම්රිය ධාවන ප්‍රතික්ෂේප කළ මෙම රියදුරු හේතුවෙන් දුම්රිය මගීන් විශාල පිරිසක් අපහසුතාවට පත් වුණා.

කෙසේ වෙතත් පැයක පමණ ප්‍රමාදයකින් පසු එම රියදුරා දුම්රිය ධාවනය කිරීමට පියවර ගත් බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
7
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?