කෑම දෙන්න පරක්කු වූ නිසා මනාලයා මඟුල අතර මඟ නවතලා

ආහාර ලබාදීම ප්‍රමාද වූ බව පවසමින් සිය විවාහ මංගල්‍ය අතර මඟ නවතා දැමූ මනාලයෙක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

උත්තර් ප්‍රදේශ් හි චන්දවුලි ප්‍රදේශයේ පසුගිය 22 වනදා මෙම සිද්ධිය සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට මනාලියගේ පාර්ශ්වයෙන් පැමිණිල්ලක් ද ලැබී ඇති බව සඳහන්.

එහිදී මනාලිය පවසා ඇත්තේ මෙහ්තාබ් නැමැති තරුණයා සමඟ විවාහවීමට තමන් මීට මාස හතකට පෙර සිට සූදානම් වූ බවයි.

පසුගිය 22 වනදා මංගල උත්සවය සඳහා දින යොදාගෙන තිබී ඇති අතර, මංගල පෙරහැර හමිඩ්පූර් ගම්මානයේ පිහිටි මනාලියගේ නිවසට පැමිණ තිබෙනවා.

නිවසට පැමිණි විට මෙහ්තාබ් සහ ඔහුගේ ඥාතීන් මනාලියගේ පවුලේ ඥාතීන් විසින් උණුසුම් ලෙස පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

“මම විවාහ මංගල්‍යට උදේ ඉඳන් ලෑස්ති වුණා. මනාලයා සහ ඔහුගේ පවුලේ අය ඇවිත්, කෑම කාලා, එම ස්ථානයෙන් පිටව යාමට කලින් මගේ දෙමාපියන්ට තර්ජනය කරලා පහර දුන්නා.මඟුල් ගෙදර අමුත්තන් කෑමට වාඩි වෙද්දී මෙහ්තාබ්ට (මනාලයාට) කෑම ලබාදීමේ සුළු ප්‍රමාදයක් සිදුවෙලා තියනවා.ඒකට ඔහුගේ මිතුරන් ඔහුට උසුළු විසුළු කරපු නිසා ඔහු කෝපයට පත්වෙලා මංගල්‍ය මේ විදියට අතර මඟ නවතා දැම්මා. පස්සේ මම සාධාරණය ඉල්ලලා පොලිසියට ගියා” යනුවෙන් අසාධාරණයට ලක් වූ මනාලිය මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මේ අතර එලෙස විවාහ මංගල්‍ය අතර මඟ නවතා දැමූ මනාලයා එදිනම ඔහුගේ ඥාති තරුණියක් සමඟ විවාහ වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉල්ලා මනාලියගේ පාර්ශ්වය පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර, එහිදී මනාලියගේ මව පවසා ඇත්තේ පවුලේ සියලු කටයුතු සඳහා මුදල් ගෙවා මනාලයාගේ පාර්ශ්වයෙන් අමුත්තන් 200 කට පමණ සංග්‍රහ කිරීමට රුපියල් ලක්ෂ 07ක පමණ මුදලක් වැය වූ බවයි.

ඊට අමතරව විවාහ මංගල දිනයේ දී රුපියල් ලක්ෂ එක හමාරක මුදලක් ද මනාලයාගේ පවුලට භාරදුන් බව ද ඇය පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

ඒ, අනුව මේ සඳහා සාධාරණයක් මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර, පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පොලිසිය දෙපාර්ශ්වයම පොලිසිය කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

එහිදී දෙපාර්ශ්වයම සාමකාමීව මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට එකඟ වී ඇති අතර, මනාලියගේ පවුලට රුපියල් එක්ලක්ෂ හැට එක්දහසක මුදලක් ලබාදෙන බවට ද මනාලයාගේ පාර්ශ්වය පොරොන්දු වී ඇති බවයි ඉන්දීය මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18


?