කෑම දෙන්න පරක්කු වූ නිසා මනාලයා මඟුල අතර මඟ නවතලා

ආහාර ලබාදීම ප්‍රමාද වූ බව පවසමින් සිය විවාහ මංගල්‍ය අතර මඟ නවතා දැමූ මනාලයෙක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

උත්තර් ප්‍රදේශ් හි චන්දවුලි ප්‍රදේශයේ පසුගිය 22 වනදා මෙම සිද්ධිය සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට මනාලියගේ පාර්ශ්වයෙන් පැමිණිල්ලක් ද ලැබී ඇති බව සඳහන්.

එහිදී මනාලිය පවසා ඇත්තේ මෙහ්තාබ් නැමැති තරුණයා සමඟ විවාහවීමට තමන් මීට මාස හතකට පෙර සිට සූදානම් වූ බවයි.

පසුගිය 22 වනදා මංගල උත්සවය සඳහා දින යොදාගෙන තිබී ඇති අතර, මංගල පෙරහැර හමිඩ්පූර් ගම්මානයේ පිහිටි මනාලියගේ නිවසට පැමිණ තිබෙනවා.

නිවසට පැමිණි විට මෙහ්තාබ් සහ ඔහුගේ ඥාතීන් මනාලියගේ පවුලේ ඥාතීන් විසින් උණුසුම් ලෙස පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

“මම විවාහ මංගල්‍යට උදේ ඉඳන් ලෑස්ති වුණා. මනාලයා සහ ඔහුගේ පවුලේ අය ඇවිත්, කෑම කාලා, එම ස්ථානයෙන් පිටව යාමට කලින් මගේ දෙමාපියන්ට තර්ජනය කරලා පහර දුන්නා.මඟුල් ගෙදර අමුත්තන් කෑමට වාඩි වෙද්දී මෙහ්තාබ්ට (මනාලයාට) කෑම ලබාදීමේ සුළු ප්‍රමාදයක් සිදුවෙලා තියනවා.ඒකට ඔහුගේ මිතුරන් ඔහුට උසුළු විසුළු කරපු නිසා ඔහු කෝපයට පත්වෙලා මංගල්‍ය මේ විදියට අතර මඟ නවතා දැම්මා. පස්සේ මම සාධාරණය ඉල්ලලා පොලිසියට ගියා” යනුවෙන් අසාධාරණයට ලක් වූ මනාලිය මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මේ අතර එලෙස විවාහ මංගල්‍ය අතර මඟ නවතා දැමූ මනාලයා එදිනම ඔහුගේ ඥාති තරුණියක් සමඟ විවාහ වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉල්ලා මනාලියගේ පාර්ශ්වය පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර, එහිදී මනාලියගේ මව පවසා ඇත්තේ පවුලේ සියලු කටයුතු සඳහා මුදල් ගෙවා මනාලයාගේ පාර්ශ්වයෙන් අමුත්තන් 200 කට පමණ සංග්‍රහ කිරීමට රුපියල් ලක්ෂ 07ක පමණ මුදලක් වැය වූ බවයි.

ඊට අමතරව විවාහ මංගල දිනයේ දී රුපියල් ලක්ෂ එක හමාරක මුදලක් ද මනාලයාගේ පවුලට භාරදුන් බව ද ඇය පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

ඒ, අනුව මේ සඳහා සාධාරණයක් මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර, පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පොලිසිය දෙපාර්ශ්වයම පොලිසිය කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

එහිදී දෙපාර්ශ්වයම සාමකාමීව මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට එකඟ වී ඇති අතර, මනාලියගේ පවුලට රුපියල් එක්ලක්ෂ හැට එක්දහසක මුදලක් ලබාදෙන බවට ද මනාලයාගේ පාර්ශ්වය පොරොන්දු වී ඇති බවයි ඉන්දීය මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52