කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට – උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ, අනුව අද (20) උදෑසන සිට එම මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක් ඊයේ (19) පස්වරුවේ කොස්ගම සහ අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක් වුණා.

පැවති අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හා පස් කණ්ඩියක් කඩා වැටීම, දුම්රිය පීලි පැනීමට හේතු වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට ඊයේ (19) රාත්‍රියේ සිට කටයුතු කර තිබුණා.

උඩරට මාර්ගයේ සිදු වූ දුම්රිය පීලි පැනීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා.

ඒ, අනුව කොළඹ කොටුව සිට මහනුවර, මාතලේ හා බදුල්ල බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය ගමන් වාර 03ක් සහ මහනුවර, මාතලේ හා බදුල්ල සිට කොළඹ කොටුව හා බෙලිඅත්ත බලා ධාවනය වන දුම්රිය ගමන් වාර 04ක් මෙලෙස අවලංගු කර ඇති බව සඳහන්.

අවලංගු වන දුම්රිය ගමන් වාර පහතින්,

පෙ.ව 05.50 කොළඹ කොටුව සිට බදුල්ල
පෙ.ව 07.00 කොළඹ කොටුව සිට මහනුවර (නගරාන්තර සීඝ්‍රගාමී )
පෙ.ව 10.35 කොළඹ කොටුව සිට මාතලේ

පෙ.ව 04.50 මාතලේ සිට කොළඹ කොටුව
පෙ.ව 05.00 මහනුවර සිට බෙලිඅත්ත
පෙ.ව 06.15 මහනුවර සිට කොළඹ කොටුව
පෙ.ව 08.30 බදුල්ල සිට කොළඹ කොටුව

එමෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව 08.30ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය සහ පෙ.ව 09.45 ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය දෙක මහනුවර දුම්රිය ස්ථානයෙන් ඊට අදාළ නියමිත වේලාවට බදුල්ල බලා ධාවනය ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.30 ට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය මහනුවර දුම්රිය ස්ථානය දක්වා පමණක් අද (20) දිනයේ ධාවනය කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27