කැලෑවකින් පොලිස් නිල ඇඳුමක් ඇතුළු උපකරණ සොයා ගැනේ

මිදිගම – නාකන්ද කැලෑ ප්‍රදේශයක බෑගයක දමා තිබූ පොලිස් නිල ඇඳුමක් සහ නිල ඇඳුම් උපකරණ සොයා ගත් බව මිදිගම පොලිසිය පවසනවා.

දසත වාර්තාකරු පැවසුවේ කනිෂ්ඨ නිලධාරියෙකුට අයත් පොලිස් නිල ඇඳුමක්, පොලිස් නිලධාරීන් පළඳින ලෙන්යාඩ් පටියක් සහ කළු පැහැති බඳ පටියක් මෙලෙස සොයාගෙන ඇති බවයි.

සොයාගන්නා ලද පොලිස් නිල ඇඳුමේ කමිසයේ බොත්තම් සවිකර තිබූ බව ද වාර්තා වනවා.

මෙම පොලිස් නිල ඇඳුම කිසියම් අපරාධ කල්ලයක් භාවිතා කළ එකක් ද යන්න හෙළි කර ගැනීම සඳහා සහ එය කාගේ ද යන්න සොයා මිදිගම පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?