AFC Banner
AFC Banner
Empty Ad

කැලෑබද පෙදෙසකින් ගිනිඅවි හමුවෙයි

කිසියම් අපරාධයකට සැරසෙමින් සිටි පුද්ගලයන් පිරිසක් මෙරට නිෂ්පාදිත ගිනිඅවි 06ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය සූරියවැව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වල්සපුගල, 16 වැව අසළ කැළෑබඳ භූමියක දීයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එහි දී කිසියම් අපරාධයකට භාවිතා කිරීම සඳහා මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කු 06ක් සන්තකයේ කබාගෙන සිටි සූරියවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28, 29, 34, 39 හා 47 යන වයස්වල පසුවන පුද්ගලයන් සයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සූරියවැව පොලිස් ස්ථානය වෙත භාර දී ැති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?