කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීමට ශක්‍යතා අධ්‍යයනයක්

කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

2025 අයවැය මඟින් දුම්රිය ප්‍රවාහන නවීකරණය යටතේ කාර්යක්ෂම දුම්රිය සේවාවන් සැපයීම සහ පොදු ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට අධියර වශයෙන් දීර්ඝ කිරීමට යෝජනා කරමින් ඊට අදාළ මූලික වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන වෙන්කර තිබුණා.

පෙර පැවති දුම්රිය මාර්ගය ආශ්‍රිතවම එකී දුම්රිය මාර්ගය නැවත සකස් කිරීමට යෝජනා වී ඇති අතර, ඒ සඳහා
ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම කඩිනමින් සිදුකළ යුතුව බවත්, ඒ අනුව එම කාර්යය සඳහා උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩ බලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?