කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීමට ශක්‍යතා අධ්‍යයනයක්

කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

2025 අයවැය මඟින් දුම්රිය ප්‍රවාහන නවීකරණය යටතේ කාර්යක්ෂම දුම්රිය සේවාවන් සැපයීම සහ පොදු ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට අධියර වශයෙන් දීර්ඝ කිරීමට යෝජනා කරමින් ඊට අදාළ මූලික වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන වෙන්කර තිබුණා.

පෙර පැවති දුම්රිය මාර්ගය ආශ්‍රිතවම එකී දුම්රිය මාර්ගය නැවත සකස් කිරීමට යෝජනා වී ඇති අතර, ඒ සඳහා
ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම කඩිනමින් සිදුකළ යුතුව බවත්, ඒ අනුව එම කාර්යය සඳහා උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩ බලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තනි රෝදෙන් යන අයට ආයේ කිසිම සමාවක් නෑ..අවුරුදු 20ක් ගියත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:34
Video thumbnail
මහින්ද, ගෝඨාභය කරපු විදියට නෙවෙයි අලුත් විදියට රට ගෙනියන්න පුළුවන් ශක්තිමත් පුරුකක් නාමල්
02:05
Video thumbnail
ඩිල්කා සමන්මලීගේ පුද්ගලික ජීවිතය අල්ලලා සුදත්ත අපහාස කළා..ඩිල්කාගේ තාත්තා CID ඇවිත් කිව්ව සැර කතාව
09:10
Video thumbnail
ඩීසල්, පෙට්‍රල්, බොරතෙල් මැයි මාසේ මැද දක්වා තියෙනවා..අපිට ඉරානයත් සුබවාදි ප්‍රකාශයක් කළා
03:18
Video thumbnail
යතුරුපැදිකරු එළොව යැවූ බිබිල - මහියංගනය මාර්ගයේ බිහිසුණු රිය අනතුර..
01:15
Video thumbnail
ඉන්ධන බෙදාහැරීම් 50%ක ප්‍රමාණයක් අඩුවෙලා..තෙල් ඒකාධිකාරියක් ගොඩනැගිලා තියෙන්නේ
03:34
Video thumbnail
JNP එක සජිත්ට සැරටම දෙසයි..සජිත් බිංකුණ්ඩෙක් වගේ කෙනෙක්..පියාණෝ ගැන කියෙව්වට වැඩක් නෑ.
06:26
Video thumbnail
හවස 4 වෙනකල් එළියට බහින්න නම් එපා..උණුසුම තවත් ඉහළට
06:16
Video thumbnail
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි කරන්නේ නැහැ..අපි ඇදගෙන යනවා..බය වෙන්න එපා
07:04
Video thumbnail
බිමල්ගේ හඬ පටයක් පෙන්නලා කාමන්ත කට උත්තර නැතිවෙන්න කියයි..ගල් අඟුරු දූෂණයට බිමල් අනුබල දුන්නා ?
03:39