කැලණිය සරසවියේ සිසුවෙකු මියයයි

කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයකින් ඇද වැටී සිසුවෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (23) අලුයම මෙම සිදුවීම සිදු ව ඇත්තේ විශ්වවිද්‍යාලයේ සී.ඩබ්.ඩබ්.කන්නන්ගර ශාලාවේ දියි.

අදාළ සිසුවා තට්ටු 04කින් පහළට ඇද වැටී ඇති බවත්; පසුව ඔහුව කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කළ ද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පැවසෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි සිව්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි ප්‍රින්ස් රාජු බණ්ඩාර නමැති රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සිසුවා සහ තවත් සිසුන් පිරිසක් උපන්දින සාදයක් පවත්වා ඇති බවත්; එහිදී මියගිය සිසුවා අධික ලෙස මත්පැන් පානය කර ඇති බවයි පැවසෙන්නේ.

ඉන් අනතුරුව ඔවුන් සාදය නිමා කර සිය නේවාසිකාගාරය වෙත පැමිණ ඇති බවත්; මත්වීමෙන් පසුව මියගිය සිසුවා සිය කාමරයේ ජනේලය සවිකර ඇති බැම්ම මතට නැග සිටියදී මෙම මරණය සිදු ව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් හදිසි අනතුරක් ද යන්න මේ වනවිට සෙවීමට පරීක්ෂණ පැවැත්වෙනවා.

මියගිය සිසුවා කැලණිය සරසවියේ වාණිජ හා කළමනාකරණ පීඨයේ ගණකාධිකරණ අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබමින් සිටි අයෙකු බවත්; විශ්වවිද්‍යාලය තුළ ද සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන බවටත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම්දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලිස් විමර්ශන ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් ලෙසටම ෆයර් වෙයි..මහින්ද ජයසිංහගෙන්ම ගිහින් අහගන්න ඕවා..
06:00
Video thumbnail
වසන්ත විපක්ෂයට හොඳම එකෙන් දෙසයි..මේ විශ්වාසභංගයෙනුත් විපක්ෂයට විශ්වාසය භංග වෙන්නේ
07:18
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම
00:32
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16


?