කැලණිතිස්ස යළි නවතියි

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 280 ක ධාරිතාවක් එක් කරන කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු ඊයේ (03) සිට යළි අක්‍රීය වී තිබෙනවා.

බලාගාර සංකීර්ණයේ එක් බලාගාරයකින් මෙගාවොට් 165 විදුලි ධාරිතාවක් සහ අනෙක් බලාගාරයෙන් මෙගාවොට් 115 ධාරිතාවක් නිපදවනු ලබනවා.

ඊයේ රාත්‍රියේ ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2700ක උපරිමයක් දක්වා ළඟා වනු ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කළ ද එය දැක්වුණේ, මෙගාවොට් 2418ක් ලෙසයි.

ඉන් සියයට 64ක් තාප විදුලි බලාගාරවලින් ද සියයට 32ක් ජල විදුලි බලාගාරවලින් සහ සියයට 4ක් සුළං, සූර්ය බලය හා ජෛව ස්කන්ධ යන පුනර්ජනීය බලක්ති ප්‍රභවයන්ගෙන් සම්පූර්ණ කර තිබුණා.

මේ අතර ඉන්ධන නොමැති වීම හේතුවෙන් අක්‍රීය වී තිබූ සපුගස්කන්ද බලාගාරවලට සහ කොළඹ වරායේ බත්තල බලාගාරයට අවශ්‍ය ඉන්ධන සැපයීමේ මේ වනවිට කටයුතු සිදුකෙරුණා.

ඊට අමතරව ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 130ක විදුලිය ප්‍රමාණයක් එක් කරන කැලණිතිස්ස සොජිස්ට් බලාගාරයේ නඩත්තු කටයුතු අද දිනය වනවිට අවසන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අක්‍රීයව පැවති ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ සිට පූර්ණ ධාරිතාවයෙන් ජනන කටයුතු සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

පසුගිය දෙසැම්බර් 3 වැනිදා අක්‍රිය වූ නොරොච්චෝලේ ගල් අඟු‍රු බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය ජනවාරි 31 වැනිදා ජාතික පද්ධතියට එක්කිරීමෙන් පසු යළි අක්‍රීය කෙරුණේ නඩත්තු කටයුත්තක් සඳහායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආදරය වැඩසටහන ඉතාම සාර්ථකව කරගෙන යනවා..ආණ්ඩුවට පුළුවන් මිත්‍රශීලි රටවලින් උදව් ඉල්ලන්න
05:43
Video thumbnail
රාජපක්ෂලා දැන් නිහඬයිද ?"නිහඩ නෑ අපි යුතුකම් වගකීම් කරනවා"..චමල් රාජපක්ෂ හිනාවෙවී කිව්ව දේ
04:59
Video thumbnail
රන්වල හදිස්සියෙන් ගිහින් තියෙන්නේ ජපන් උපාධි සහතිකය පෙන්නන්න..අකරතැබ්බය අස්සේ ඒකත් නැතිවෙලා
03:01
Video thumbnail
චන්ද්‍රිකා දුන්නේ පදනමට ලැබෙන මුදල්නේ..මට එහෙම එකතුවෙන පදනමක් නෑ..ඇසූ ප්‍රශ්නයට මෛත්‍රීපාල කිව්ව දේ
06:13
Video thumbnail
ඉදිරියේදී කාළගුණය වෙනස්ම අතකට හැරෙයි..ඉදිරියේදී කාළගුණය වෙනස්ම අතකට හැරෙයි
08:41
Video thumbnail
ලන්සාගේ ගෙදරට මහින්ද හෙළිකොප්ටරෙන් යන්නේ නිකන් නෙවෙයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන්න හැටි මෙන්න
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53


?