කැරපොත්තන් සමඟ වඩේ විකිණූ ආපනශාලාවට අසූදහසක දඩයක්

යාපනය – නල්ලූර් කෝවිල ආසන්නයේ ආපනශාලාවකට උදෑසන ආහාර ලබාගැනීමට ගිය පුද්ගලයෙකුට ආහාර සඳහා ලබාදුන් උළුඳු වඩයක් තුළ මියගිය කැරපොත්තෙකු සිටිය දී හමුව තිබෙනවා.

ඒ, අනුව අදාළ ආපනශාලා හිමිකරුට නීතිමට ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු රුපියල් 80,000ක දඩ මුදලක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය දෙසැම්බර් මස 04 වනදා අදාළ ආපනශාලාවට උදෑසන ආහාර ගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකුට ලැබුණු ආහාර බඳුනක තිබූ වඩයක් තුළ මියගිය කැරපොත්තෙකු සිටිය දී හමුව තිබෙනවා.

පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් පැමිණ ආපනශාලා හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව ආපනශාලා හිමිකරුට එරෙහි නඩුව පෙරේදා (17) කැඳවූ අවස්ථාවේ දී ආපනශාලාවට රුපියල් 60,000ක දඩයක්, එහි මුළුතැන්ගෙට රුපියල් 20,000ක දඩ මුදලක් ද නියම කිරීමටයි යාපනය මහේස්ත්‍රාත් පී.ජස්ටින් නියෝග කර ඇත්තේ

එමෙන්ම නියමිත් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ආපනශාලාව විවෘත කිරීමට ද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය උපදෙස් ලබා දී තිබෙනවා.

  1. MEHE EWA BALUWA NAM MARA EWA AHU WEYI. KISIMA PIRISIDU KAMAK NAHE. PHI LA HEMA HOTEL EKAKIN MA PAGAWA ARAGANNAWA. HEMA MUS ELAWALU MALU KADAKAKIN MA EKKO PAGAWA GANNAWA NATHINAM MUS MALU ELAWALU NOMILE ARAN YANAWA. DUSHITHAMA AYATHANA POLICIYA SAHA PHI LA. EYITA PASSE ANITH EWA. DUSHITHA NATHI RAJYA AYATHANA KISIWAK MEHE NAHE.