AFC Banner
AFC Banner
Empty Ad

කැමතිම සින්දුවට වේදිකාව උඩ නැටූ කොස්තාපල් ගෙදර යවයි

පෑලියගොඩ ප්‍රදේශයේ පසුගියදා පැවති අවුරුදු උත්සවයක් අවසානයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර වේදිකාවේ නර්තනයේ නිරත වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයා රාජකාරියේ යෙදී සිටියදී මෙලෙස හැසිරීම හේතුවෙන් කළ පරීක්ෂණයකින් අනතුරුවයි කැලණිය සහකාර පොලිස් අධිකාරීවරයා විසින් මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ.

සංගීත සංදර්ශනය පැවැත්වෙන ස්ථානයේ ආරක්ෂක රාජකාරි සඳහා අදාළ නිලධාරියා ඇතුළු සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් සිව් දෙනෙකු යොදවා තිබූ බව සඳහන්.

සංගීත සංදර්ශනය මධ්‍යම රාත්‍රිය වන විට අවසන් කරන ලෙස සංවිධායකයන්ට දැනුම් දී තිබුණද අමතර පැය භාගයක කාලයක් ප්‍රසංගය පැවැත්වීමට පොලිස් නිලධාරීන් විශේෂ අවසරයක් ලබාදී තිබුණා.

වේලාව අවසන් වීමට ආසන්නව, අදාළ පොලිස් කොස්තාපල්වරයා වේදිකාවේ සංගීත කණ්ඩායම සමඟ කතා කරමින් සිටි අතර පසුව ඔහු වේදිකාවේ නර්තනයේ නිරත වී ඇති බවයි හෙළිවී ඇත්තේ.

මෙම කොස්තාපල්වරයා තමා කැමතිම ගීතය ගායනා කරන ලෙස සංගීත කණ්ඩායමෙන් ඉල්ලා සිටි අතර සංගීත කණ්ඩායමට සංදර්ශනය අවසන් කිරීමට ඉඩ නොතබමින් දිගින් දිගටම නර්තනයේ යෙදීම නිසා සංවිධායකයින් විසින් පොලිස් කොස්තාපල්වරයා වේදිකාවෙන් ඉවත් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමට ප්‍රසංගයේ ආරක්‍ෂාව භාර සැරයන්වරයා පියවර ගෙන ඇති අතර අනතුරුව විමර්ශනයක් සිදු කිරීමෙන් පසුවයි සහකාර පොලිස් අධිකාරීවරයා ඊට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
8
+1
36
+1
5
+1
25
+1
11
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?