AFC Banner
AFC Banner
Empty Ad

කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් දිවුරුම් දෙයි

තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු අද (20) ජනධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ, අනුව නිමල් සිරිපාල ද සිල්වා වරාය හා නාවික අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

සුසිල් ප්‍රේමජයන්ත් දිවුරුම් දී ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය ධුරයේයි.

අධිකරණ අමාත්‍යවරයා ලෙස විජේදාස රාජපක්ෂ දිවුරුම් දී තිබෙනවා.

මනුෂ නානායක්කාර කම්කරු අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇති අතර හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නා.

ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දී ඇත්තේ.

වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස රමේෂ් පතිරණ අද (20) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති අතර සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කෙහෙළිය රඹුක්වැල්ල දිවුරුම් දී තිබෙනවා.

වෙළඳ, වානිජ්‍ය හා ආහාර සුරක්ෂිත කැබිනට් අමාත්‍යවරයා ලෙස අද දිනයේ දිවුරුම් දී ඇත්තේ නලීන් රුවන්ජීවයි.

ඒ අනුව අද (20) දිනයේ දිවුරුම් දුන් අමාත්‍යවරුන් සංඛ්‍යාව 09ක්.

මීට පෙර මහාචාර්‍ය ජී.එල්. පීරිස්, කංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග සහ දිනේෂ් ගුණවර්ධන යන අය කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?