කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් දිවුරුම් දෙයි

තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු අද (20) ජනධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ, අනුව නිමල් සිරිපාල ද සිල්වා වරාය හා නාවික අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

සුසිල් ප්‍රේමජයන්ත් දිවුරුම් දී ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය ධුරයේයි.

අධිකරණ අමාත්‍යවරයා ලෙස විජේදාස රාජපක්ෂ දිවුරුම් දී තිබෙනවා.

මනුෂ නානායක්කාර කම්කරු අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇති අතර හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නා.

ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දී ඇත්තේ.

වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස රමේෂ් පතිරණ අද (20) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති අතර සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කෙහෙළිය රඹුක්වැල්ල දිවුරුම් දී තිබෙනවා.

වෙළඳ, වානිජ්‍ය හා ආහාර සුරක්ෂිත කැබිනට් අමාත්‍යවරයා ලෙස අද දිනයේ දිවුරුම් දී ඇත්තේ නලීන් රුවන්ජීවයි.

ඒ අනුව අද (20) දිනයේ දිවුරුම් දුන් අමාත්‍යවරුන් සංඛ්‍යාව 09ක්.

මීට පෙර මහාචාර්‍ය ජී.එල්. පීරිස්, කංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග සහ දිනේෂ් ගුණවර්ධන යන අය කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03